ප්‍රමුඛ පුවත 1

වසර 38 කට පසු විදේශ ගුවන් යානා සැපයීම් ගාස්තු සංශෝධනය කෙරේ

(UTV | කොළඹ) – වසර 38 කට පසුව ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඕනෑම රටක ගුවන් සී‍මාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු ලෙස හැඳින්වේ.

ගුවන් කේෂත්‍රයේදී රටක් විදේශීය විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේද එම ගාස්තු අය කිරීමයි.

ශ්‍රී ලංකාවේදී එකී ගාස්තු අය කිරීමේ බලය පැවරෙන්නේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ඇති සිවිල් ගුවන් සේවා අධිකාරියටයි.

එම අධිකාරිය විසින් මීට ඉහත එම ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් සහ සේවා සැපයීමේ ගාස්තු ප්‍රකාශයට පත් කෙරුණේ 1981 වර්ෂයේදී වන අතර එයින් වසර 38කට පසුව එම ගාස්තු මෙවර සංශෝධනය කිරීම විශේෂත්වයක්.

අද (14) ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එම නව ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් ලබා ගත් ආදායමට වඩා වාර්ෂිකව රුපියල් මිලියන 813ක අමතර ආදායමක් ශ්‍රී ලංකාවට හිමි වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැබ් රියක අලියෙක් ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

Mohamed Dilsad

රංජන්න්ගේ නඩුව විභාගයට ගැනීමට සුදානම්

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment