ප්‍රමුඛ පුවත 1

ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළට

(UTV | කොළඹ) – දහවල් 12.00 වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක අගයක් ගත් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි එස්.එම්.ජේ.කේ. පෙරේරා පවසයි.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ 60% ක ප්‍රතිශතයක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 50% ක ප්‍රතිශතයක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ 60% ක ප්‍රතිශතයක් ද, මොනරාගල දිස්ත්‍රික්කයේ 55% ක ප්‍රතිශතයක් ද ඡන්දය භාවිතා කර තිබූ බවයි.

මේ වනවිට බදුල්ල, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60% ක මට්ටමක පවති.

මිට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50% ක මට්ටමේ පවතින අතර යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ප්‍රතිශතය 55% ක් වෙයි.

මේ වනවිට ගම්පහ 40% ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 50% ක්, හම්බන්තොට 55% ක්, මාතර 50% ක්, කෑගල්ල දිස්ත්‍රිකයේ 45% ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

රීයූනියන් දිවයිනට අනවසරයෙන් ගිය පිරිස අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment