ගොසිප්

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය බාරගන්නා ලෙසට ඉල්ලීමක්

(UTV | කොළඹ) –  සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පවත්වා තිබෙන අතර , එහිදී එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාරගෙන පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙනයන මෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් මන්ත්‍රීවරුන් එහිදී ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඉදිරියේදී පක්‍ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බව ද එහිදී එජාප මන්ත්‍රීවරුනගේ ඉල්ලීම වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ සඳහන් කර සිටින්නේ , ඉදිරියේදී පක්‍ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණාම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටින බවත්ය.

මේ පිළිබදව අවශ්‍ය වෙලාවේදී කතා කරන බවත් , ව්‍යවස්ථාව අනුව 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විදියට පත් කළ බවද අශෝක අබේසිංහ කියා සිටියේය.

එම කාල වකවානුවේදී 19 වැනි සංශෝධනය නොතිබුණ බවත් 19 අනුව ජනාධිපතිවරයාට එකවිටම අගමැති පත් කිරීමට හැකියාවක් නොමැති බවත් , ඒ සඳහා සිටින අගමැති ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ද නැත්නම් විශ්වාසභංගයෙක් ගෙනඒම කළ යුතු බව ද අබේසිංහ මහතා පවසයි.

එනිසා ආණ්ඩුව දිගටම පවතින බවත් , මීළඟ මහ මැතිවරණය 2020 පෙබරවාරි 17න් පස්සේ ජනාධිපතිවරයාට කැඳවන්න පුළුවන් බවත් ඊට පෙර මහ මැතිවරණයක් කැඳවන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍ය බවත් ඒ මහතා අවධාරණය කරයි.

නමුත් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් 2/3 ක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බැවින් ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු දේ සම්බන්ධයෙන් තීන්දු කරායි යැයි ද අශෝක අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක කාර්යාලය රජයෙන් ඉල්ලු කෝටි 12 ලැබෙයිද?

Mohamed Dilsad

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම කුඩා ළමුන්ටයි

Mohamed Dilsad

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට ITJP සංවිධානයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment