ක්‍රීඩා

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පන්දු වාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විසින් විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුවත් ඔහු ක්‍රීඩා කිරීමට සුදානම් බව ප්‍රකාශ කර තිබේ.

තවත් වසර දෙකක පමණ කාලයක් තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බව ඔහු අදහස් දක්වමින් කියා සිටියේය.

36 හැවිරිදි ඔහු ලබන වසරේ තරඟාවලියෙන් පසු විශ්‍රාම යන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද එය තරමක් වෙනස් වී තිබේ.

සැප්තැම්බර් මාසයේ නවසීලන්තය සමග පැවති තරුණ සංචිතයෙන් ශ්‍රී ලංකාව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පළපුරුදු තිසර පෙරේරා යන දෙදෙනාම ඉවත්ව යන විට දෙවන වරටත් එම භූමිකාවට පිවිසි මාලිංග, අද්දැකීම් අඩු පාර්ශ්වයට නායකත්වය දීමෙන් ප්‍රබෝධමත් වී ඇත.

තමන්ට පන්දු යවන්නෙකු මෙන්ම නායකයෙකු ලෙස ද විස්සයි විස්ස තරඟ කළමනාකරණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරඟයට ඉන්දියාව සහ නවසීලන්තය සුදානම්

Mohamed Dilsad

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment