ප්‍රමුඛ පුවත 1

ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 42 ක් යළි දිවයිනට

 

(UTV | කොළඹ) – ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 දෙනෙක් අද (27) පෙරවරුවේ යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදරවලට ලක් වී සේව‍යට සරිලන නිසි වැටුපක් පවා නොලබා සේවය කළ පිරිස සියලු දෙනාම කාන්තාවන් වූ අතර , ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙයි.

මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් ඕමානයේ ” සබායා ගිලිස් ” සහ ” අබු අලීෆා ” හි රැඳවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත .

මෙම රැඳවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව , අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටිය බැව් මෙම කාන්තාවන් පැවසීය .

ඕමානයේ මස්කට් සිට පැමිණි සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් මෙම පිරිස අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

මහසෝන් බලකායේ ප්‍රධානියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment