Trending News

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

(උදයම්,කොළඹ)  –  14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිවයිනට පැමිණීමට තීරණය කර තිබේ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ මේ වසරේ මැයි 12 වන දා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් රැසකට ආරාධනා කර ඇති බවය.

ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන්, සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.

ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලා ඕසය, භූතානය, ටිබෙටය ඇතුළු බුදුදහම පවතින රටවල් රැසක් ඊට ඇතුළත්වේ.

Related posts

Sri Lanka’s economic and Financial Conditions are stable, says IMF

Mohamed Dilsad

டிரம்புடனான பேச்சுவார்த்தை பற்றி முதன்முதலாக மவுனம் கலைத்தார் கிம் ஜாங் அன்

Mohamed Dilsad

கொழும்பு காக்கைதீவு வாழ் மக்களின் பிரச்சினைக்கு தீர்வு காண அமைச்சர் ரிஷாட் நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment