ප්‍රමුඛ පුවත 1

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ස්විස් තානාපතිට ඉල්ලීමක්

(UTV | කොළඹ) – 2019 නොවැම්බර් 25 සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක මුහුණදුන් බවව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කළේය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික)කමල් ගුණරත්න සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock) හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ ලේකම් රනාත් ආර්යසිංහ පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල පිළිබඳව ඊයේ (01) පස්වරුවේ ඔවුන් දැනුවත් කළේය.

ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබා දුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන්වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙනයනු ලැබීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලව වකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරි අදාළ දින කළ ගමන්බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සී.සී.ටී.වී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජී පී එස් (GSP) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වාදෙන ලදී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවැරදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ.

ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව ප්‍රශ්න කරනු ලැබිය යුතුය.

සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදුවු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළයුතු බව පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා රජයට සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ හර්තාල්

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින්ට පෙබරවාරි මස සිට ඊ-හෙල්ත් කාඩ්පතක්.

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක්

Mohamed Dilsad

Leave a Comment