ප්‍රමුඛ පුවත 1

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා විසින් අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හි දී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා මහජන සුභසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට චක්‍රලේඛ උපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇත.

සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සියලු කාර්යයන් සිදුකීරීමට ද කටයුතු සලසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 හත්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

අලව්ව සහ පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

Mohamed Dilsad

Leave a Comment