(UTV | කොළඹ) – මේ දිනවල ගාල්ල අවට මුහුදු තීරයේ සැරිසරන සීල් මත්ස්‍යාට ආහාර ලබාදීමෙන් හෝ එම සත්ත්වයා අසලට ගමන් කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වනජිවි දෙපාර්තමේන්තුව හෝ සත්වෝද්‍යාන වෙතට මෙම සත්ත්වය ලබාදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් දැල් දමා එම සත්ත්වයා අල්ලා ගැනීමට ද උත්සාහ දරමින් සිටින බව එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේය.
මෙම සත්ත්වයා සඳහා අවශ්‍ය පහසුකම් මෙරට සත්ත්වෝද්‍යාන තුළ හෝ වනජිවි දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවැනි සත්ත්වයෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ප්‍රථම වතාවට වන අතර, මීට පෙර ඕමානය, වියට්නාමය සහ ඉක්වදෝරය යන රටවලට සීල් මත්ස්‍යයින් පැමිණ ඇති බවට තොරතුරු පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]