ප්‍රමුඛ පුවත 1

ඉතාලි සහ නෝර්වේ තානාපතිනියන් ජනපති හමු වෙයි

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා (Rita Giuliana Manella)ඊයේ (02) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

නව දැක්මක් සහිතව ඉදිරියට යන ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට සිය රජය අපේක්ෂා කරන බව පැවසූ තානාපතිවරිය කියා සිටියේ ජනාධිපති ධූරයට පත්වීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත තමන්ගේ සහ ඉතාලි රජයේ සුභාශිංසන පිළිගැන් වුවාය.

ගෝඨාභය රාජපක්ෂ නව වැඩපිළිවෙළත් සමඟ ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ගෙන් කඩිනමින් ඉදිරියට ගමන් කරනු ඇති බවට විශ්වාසය පළ කළ තානාපතිවරිය එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට හැකි උපරිම සහාය ලබා දෙන බව ද කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ සිටින නෝර්වේ තානාපතිනි ට්‍රයිනි ජොරන්ලි එස්කෙඩෙල් (Trine Joranli Eskedal)ඇතුළු දූත පිරිස ද ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූහ.

තානාපතිවරිය ඇතුළු දූත පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුභාශිංසන පළ කළ අතර නව දැක්මක් සහ ශක්තිමත් පදනමක් සහිත ශ්‍රී ලංකා නව ජනපතිගේ වැඩපිළිවෙළට සිය රජයේ ද උපරිම සහාය ලබාදෙන බව තානාපතිවරිය ප්‍රකාශ කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇප

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක් කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනාගනී

Mohamed Dilsad

Leave a Comment