ප්‍රමුඛ පුවත 1

අගමැති පාකිස්තානයේ ආරාධනය පිළිගනියි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය ඔහු විසින් පිළිගෙන තිබේ.

මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේය.

මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබේ.

ශ්‍රී ලංකාව යළිත් වරක් පලපුරුදු නායකයින් අතට පත්වීම පිළිබදව සතුටට පත් වන බව මෙහිදි පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේය.

ඒ අනුව දැනට දෙපාර්ශවය අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ හැකි වනු ඇති බව ද පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම සාකච්ඡාවේ දී වෙළෙදාම් ප්‍රවර්ධනය කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, තරුණ විරැකියාව, කෘෂිකර්මාන්තය යන කාරණා පිළිබදව සාච්ඡාවට ලක් වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකල පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

තැලසිමියා දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම සඳහා අවශ්‍ය පියවර සුදානම්….

Mohamed Dilsad

අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්.

Mohamed Dilsad

Leave a Comment