ප්‍රමුඛ පුවත 1

රට පුරා අඳින සිතුවම් ජනපතිගේ පැසසුමට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මඟින් රට පුරා අලංකාරත්වයක් ඇති කිරීමට සිතුවම් කරන තරුණ පෙළ පිළිබදව ප්‍රංශසා කර තිබේ.

තරුණ පෙළේ නවමු අදහස්, නායකත්වය, සහ කණ්ඩායම් හැගීම ඔස්සේ අප රටේ ඉදිරි අනාගත ගමන් මග වෙනස් කරලීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් පවතින බව එමඟින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය ධනාත්මක ශක්තියක් ලෙස යොදා ගනිමින් ඵලදායී සංස්කෘතියක් අප සමාජය තුළ බිහි වෙමින් පවතින බවත් එම තරුණ පෙළ පිළිබඳව තමා සැබවින්ම ආඩම්බර වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි

Mohamed Dilsad

ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment