ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රටින් පිටවීම වළක්වමින් අද (03) විදෙස් ගමන් තහනමක් නිකුත් කරනු ලැබීය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බවට කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු එම සිද්ධිය සම්බන්ධයෙන් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති ආකාරයට තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු එම සිද්ධිය සම්බන්ධයෙන් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් යම් ලෙසකින් ඇය විදේශගත වුවහොත්, විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

නෙලුම් කුළුන සම්බන්දයෙන් අනුර කුමාර කියු දේ [VIDEO]

Mohamed Dilsad

සිවාජිලිංගම් පැය 5 ක ප්‍රකාශයක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment