ප්‍රමුඛ පුවත 1

වර්ෂාපතනයෙන් උතුරේ ජන ජීවිතයට දැඩි බලපෑම්

 

(UTV | කොළඹ) – ⁣ ⁣ මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64 ,448 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් මුලතිව් දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්ව ඇති බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 9297 කට අයත් 30020 දෙනෙකු පීඩාවට ලක්ව ඇති අතර, දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව පීඩාවට ලක්ව සිටිති.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 8899 කට අයත් පුද්ගලයින් 28831 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 7225 කට අයත් පුද්ගලියන් 23344 ‍දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 3438 කට අයත් පුද්ගලයින් 11256 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළද පුද්ගලයින් වැඩි පිරිසක් පීඩාවට ලක්ව සිටින අතර, එහි පවුල් 3342 කට අයත් පුද්ගලයින් 10815 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1858 කට අයත් පුද්ගලයින් 6298 දෙනෙකුට අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් පීඩාවට ලක්ව සිටිති.

මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 1051 කට අයත් පුද්ගලයින් 3478 දෙනෙකුද පීඩාවට පත්ව සිටින අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 400 කට අයත් පුද්ගලයින් 1308 දෙනෙකු අයහපත් කාළගුණ තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින බැව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට ලක්වූවන් වෙනුවෙන් සහන සැපයීම ත්‍රිවිධ හමුදා නිළධාරීන්,ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හරහා සිදුකරන ලබයි.

Related posts

ඇසළ වීරකෝන් SAARC සංවිධානයේ මීළඟ මහලේකම් තනතුරට

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

දුම්රිය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment