ක්‍රීඩා

මීළඟ පාකිස්තානු සංචාරයට ලංකාවෙන් සුවිශේෂී පුද්ගලයෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක බන්දුල වර්ණපුරට හා පාකිස්තාන හිටපු ටෙස්ට් නායක ජාවේඩ් මියන්ඩාඩ් හට ගෞරවනීය අමුත්තන් ලෙස ආරාධනා කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ක්‍රිකට් මිතුදම 1982 දක්වා විහිදී යන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට නැවතත් ටෙස්ට් ක්‍රිකට් රැගෙන ඒමට කරන ගෞරවයක් ලෙසින් මෙලෙස ඔවුන්ට ආරාධනා කර ඇති බවට වාර්තා වේ.

කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 1982 වසරේ මාර්තු මාසයේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ නායකයන් වූයේ බන්දුල වර්ණපුර හා ජාවේඩ් මියන්ඩාඩ්ය.

විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වන බන්දුල වර්ණපුර හා ජාවේඩ් මියන්ඩාඩ් දෙසැම්බර් මස 10 වැනිදා තරඟාවලියේ කුසලානය සමඟින් ඡායාරූප කීපයකට එක්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය අතරතුර ඔවුන්ට විශේෂ සම්මාන කිපයක් ද ප්‍රදානය කිරීමට නියමිතය.

වසර 11කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටීම විශේෂත්වයකි.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය දෙසැම්බර් මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැතුම් නිස්සංක වාර්තා අතරට

Mohamed Dilsad

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

Mohamed Dilsad

ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසාන එක් දින තරගය අද

Mohamed Dilsad

Leave a Comment