ව්‍යාපාරික

මෙරට ධීවර සම්පත් සංවර්ධනයට වියට්නාමයේ සහය

(උදයම්,කොළඹ) – මෙරට ධීවර සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය වියට්නාමයෙන් ලබාගැනීමට සුදානම් බව රජය පවසයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අග්‍රමාත්‍යවරයා සමඟ වියට්නාම නිල සංචාරයට එක්වූ අමාත්‍යවරයා එරට ධීවර බලධාරීන් සමඟ සාකච්ඡා කල බවය.
එහිදී  ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හා ජල ජීවී වගා කර්මාන්තය සංවර්ධනය සඳහා තාක්ෂණික සහය ලබාදීමට එම බලධාරීන් එකඟතාව පළ කර තිබේ.
වියට්නාමයේ ජල ජීවී වගා කර්මාන්තය සම්බන්ධයෙන් අධ්‍යයන චාරිකාවකට එක්ව ඇති අමාත්‍යවරයා අතර එරට අපනයනය සඳහා වගා කරන මත්ස්‍ය විශේෂයක් වන පැන්ජිසස් නැමැති මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේ වගා කිරීම කෙරෙහිද අවධානය යොමු ඇත.

මෙම මත්ස්‍ය විශේෂය සඳහා යුරෝපීය රට වල විශාල ඉල්ලුමක් පවතින බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

Related posts

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

වර්ෂාවත් සමඟ එළවලු මිල ඉහළට

Mohamed Dilsad

කෘෂිකර්ම උපදේශකවරු ඇතුළු 346ක් කෘෂිකර්ම සේවයට එක්වෙති

Mohamed Dilsad

Leave a Comment