ප්‍රමුඛ පුවත 1

පාඨලීගේ සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් අවසර

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින්.

මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා රහස් පොලිසියට පහසුකම් සලසා දෙන ලෙස එතුමිය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹේ

Mohamed Dilsad

කුඩා වාහනවලට පණවා තිබු නව බද්ද ඉවතට

Mohamed Dilsad

2020 පළමු මාස 4 අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment