විදෙස්

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ දී ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ බස් රථයක් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරේදී තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර , අතුරුදන් වූ තවත් පුද්ගලයන් සිටීදැයි සෙවීමට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට බළධාරීන් සඳහන් කරයි.

අදාළ බස් රථය මාර්ගයේ තිබූ කොන්ක්‍රීට් බාධකය බිඳ ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය නතර වී ඇත්තේ පහළ පිහිටා තිබූ ගංඟාවකින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16 දෙනෙකු වාර්තාවෙයි

Mohamed Dilsad

ඉන්දියාව සහ එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹෙයි

Editor O

සෞදි අරාබියාවේදී ඇමරිකාණු ජනාධිපති හරසරින් පිළිගනී

Mohamed Dilsad

Leave a Comment