විදෙස්

මගීන් 100ක් සමඟ ගුවන් යානයක් අනතුරට

(UTV |කසකස්තානය) – පුද්ගලයින් 100 දෙනෙකු සමඟ ගුවන් යානයක් කසකස්තානයේදී අනතුරට ලක්ව තිබේ.

ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ බෙක් එයාර් ගුවන් යානය එරට වේලාවෙන් අද උදෑසන අල්මාටි ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී ටික වෙලාවකින් ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

හදිසි සේවා නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර මරණ 7 ක් තහවුරු වී තිබේ.

දිවි ගලවා ගත් අය බේරාගෙන ඇති බව ගුවන් තොටුපල පවසයි.

මෙම යානය අනතුරට ලක්කව ඇත්තේ කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි සිට එරට අගනුවර වන නර්සුල්තාන් දක්වා ගමන් කරමින් සිටියදී ය.

අල්මාටි ගුවන්තොටුපළ පැවසුවේ මගීන් 95 ක් සහ කාර්ය මණ්ඩලය පස් දෙනෙකු එහි සිටි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණය

Mohamed Dilsad

වෝල්ට් ඩිස්නි ෆොක්ස්ගේ ව්‍යාපාර මිලදී ගනී

Mohamed Dilsad

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

Leave a Comment