Trending News

කුඩා ජල විදුලිබලාගාර ආශි‍්‍රතව පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබද ජනපති අවධානය

(උදයම්,කොළඹ)  – කුඩා ජල විදුලිබලාගාර ආශි‍්‍රතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබද සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දැනටමත් දේශීය කුඩා ජල විදුලිබලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට එකතුවන මෙගාවොට් 340 ක ධාරිතාව, මෙගාවොට් 550ක් දක්වා වර්ධනය කිරීම සදහා ඇති ඉඩප‍්‍රස්තා හදුනාගැනීම, දේශීය ජල විදුලිබලාගාර සංවර්ධකයින් අදාළ ක්ෂේත‍්‍රයේ සංවර්ධන කටයුතුවලදී මුහුණදෙන අභියෝග, පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය ජාතික ඉලක්ක ඉටුකිරීම සදහා වූ නව ක‍්‍රමවේද හදුනා ගැනීම, පාරිසරික සමතුලිතතාවය රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා නව ක‍්‍රමවේද හදුනා ගැනිම වැනි කරුණු පිළිබද මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, කුඩා ජල විදුලි බලාගාර සදහා බලපත‍්‍ර නිකුත් කිරීමේ දී නවීන තාක්ෂණය ඒ සදහා උපයෝගි කරගත යුතු බවයි.ගැටලූ ඇති ව්‍යාපෘති හදුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත්කර ගනිමින් එම ගැටලූ විසදීමට පියවර ගතයුතු බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් ද, කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම හමුුවට එක්ව සිටියහ.

Related posts

ஆனமடுவ உணவக தாக்குதல் சம்பவத்துடன் தொடர்புடைய மூவர் கைது

Mohamed Dilsad

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

Leave a Comment