ප්‍රමුඛ පුවත 1

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

(උදයම්,කොළඹ)  – අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වනදා ඉන්දියාවේ සංචාරයක නිරතවේ.

ඒ අනුව ලබන 25 වනදා සිට 29 වන දින දක්වා ඉන්දියාවේ රැදී සිටින අග්‍රමාත්‍යවරයා ලබන 26 වනදා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡාවකට සහභාගීවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ස්නාදහන් කරයි.
මෙහිදී ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා ඉන්දීය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ මහා මාර්ග, ප්‍රවාහන, අධිවේගී මාර්ග සහ නාවික අමාත්‍යවරුන් මුණ ගැසීමට නියමිතය.

මෙම සාකච්ඡා වලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිත බව වාර්තාවේ.

මේ අතර ජාත්‍යන්තර වෙසක් සැමරුම වෙනුවෙන් ලබන මාසයේ මෙරට සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය සැළසුම් කිරීමේ කටයුතු සඳහා ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment