ගොසිප්

අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයට පත්වෙයි

(UTV |වතිකානය) – ඊයේ(02) පාන්දර නව වසරේ උදාව සමග වතිකානයේ ජනතාව වෙත සුබාශිංසන පිරිනමන්නට ගිය අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයකට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ සිය කණගාටුව පල කර තිබේ.

වතිකානයේදී පාප් වහන්සේගේ අතින් අදිනු ලැබූ කාන්තාවකගේ අතට දමා ගැසීමේ සිද්ධියක් ඊයේ සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහකට ලක්විය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සෙනග අතරට පැමිණ දරුවන්ට ආශිර්වාද කරමින් යාමට සුදානම් වූ අවස්ථාවේදී කාන්තාවක් එතුමන්ගේ අතින් ඇද අත අත්නොහැර සිටියේය.

එහිදී ඇය තමන්ටද ආශිර්වාද කරන ලෙස කෑ ගහන අවස්ථාවේ කෝපවූ පාප් වහන්සේ ඇය අතඅරින්නට පෙර අනෙක් අතින් ඇයගේ අතට පහර දෙයි.

එම අවස්ථාවේ පාප් වහන්සේ දැඩි ලෙස කෝපය වී සිටියේය.

මෙම අවස්ථාවේ වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතැමුන්ගේ අප්‍රසාදය පලවී තිබේ.

Related posts

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

පාරු අනතුරින් කින්නියා වැසියෝ ,මුස්ලිම් කොංග්‍රස් මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති..

Mohamed Dilsad

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment