ගල්ෆ්

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයට

(UTV |අබුඩාබි) – අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් එක්දින සංචාරයක් සඳහා අද (02) පාකිස්තානයට පැමිණියේය.

එහිදී පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ෂේක් මොහොමඩ් බින් සයීඩ් නූර් ඛාන් කඳවුරේදී ගෞරවනීය ලෙස පිළිගත්තේය.

පාකිස්තාන විදේශ කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව ෂෙයික් මොහොමඩ් ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ ඉස්ලාමාබාද් නුවරට පැමිණෙමින් සිටී.

ඔහු අවසන් වරට පාකිස්තානයට පැමිණියේ 2019 වසරේ ජනවාරි මාසයේදීය.

Related posts

දකුණු ගාසා තීරයට රැගෙන යන ආධාර අතරමගදී කොල්ලකයි

Editor O

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

Editor O

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Editor O

Leave a Comment