දේශීය

සභා වාරය අමතමින් ජනපති කළ රාජාසන කථාව[VIDEO]

(UTV | කොළඹ) –  08 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට සිදුකරනු ලැබීය.

නව සභා වාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාව ,

‘ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මා හට ඔබතුමාට අමතන්න ලබන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී මේ රටේ බහුතර ජනතාව මා වෙනුවෙන් දැක්වූ විශ්වාසය නිසයි. මෙහි අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයත් වුවත් අපි සැම දෙනාගේ වගකීම රටේ ජනතාවගේ සුභ සිද්ධියයි. මා වසර 20 ක් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියා. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නැහැ. මා කුරහන් පැහැ ඇති සාටකය පැළදුවේ නැති උනත් මා නියෝජනය කරන්නේ ඒ පිඩිත ජනතාවයි. මා මේ මොහොතේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මහජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම ඔවුන්ගේ සෞභාග්‍ය උදෙසා මා සහ මාගේ රජය කැපවෙනවා.

ඒ වගේම රජුන් තනන භූමිකාවට ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජාතින් අතර භේද වපුරනවා වෙනුවට ජනතාව එකතු කරගෙන ඉදිරියට යන්න අපි සියලු දෙනා කැපවෙන්න ඕන. මගේ පාලන සමයේදී රටේ ආරක්ෂාව වෙනුවෙන් හා බුද්ධාගම ආරක්ෂා කරන්න කැපවෙනවා. ඒ වගේම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න හැකි.

මා කුඩා කාලයේදී මාගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරන විට මෙහි ගැලරියට වී බලා සිට තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ පැවති හරවත් කතාවන් අද නැහැ. නැවත මේ පාර්ලිමේන්තුව මහජනතාවගේ ගැටළු ගැන කතා කරන තැනක් බවට පත් කරන්න අප කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනා ගත් ස්ථානයක් බවට පත් කිරීමේ වගකීම මෙහි සිටින මන්ත්‍රිවරුන්ගේ වගකීමයි.

අද මේ රටේ සමාජ දේශපාලන අර්බුධයක් තියෙනවා. නිදහසින් පසුව අපේ රටේ සංවර්ධනය ගැන සෑහීමට පත්වෙන්න බැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් කැපවීමට අප සුදානම් වන්න ඕන. මහජන නියෝජිතයෙක් ගේ මුලික වගකීම මහජන සේවයයි. අපිට ලැබී තිබෙන තනතුරු වරප්‍රසාධ නොවන බව අප තේරුම් ගත යුතුයි.

රටක් සංවර්ධනය කරන්න නිවැරදි දැක්මක් තිබිය යුතුයි. ජනාධිපතිවරනයේදී ජනතාවට හදුන්වාදුන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව පසුගිය වසර 04 ක කාලය තුලදී වියත්මග වැඩසටහන් තුලින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ “ගම සමග පිළිසඳරක්” සහ අනෙක් දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ජා වලදී හෙළිකර ගත් කරුණු, ජනතා අදහස් සහ මාගේ දැක්මද ඊට එක් කරමින් සකස් කළ ජාතික වැඩපිළිවලක්.

අපේ ප්‍රතිපත්ති වලට අනුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා. ඒ අනුව දක්ෂ නිලධාරීන්ට සුදුසු ස්ථාන ලබාදී තිබෙනවා. ඒ සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර මනා සම්බන්ධයක් ඇති කර තිබෙනවා. පාතාල ක්‍රියාකාරීන්, මත්ද්‍රව්‍ය උවදුර, ස්ත්‍රී දුෂකයින් ගෙන් තොර රටක් බවට මෙය පත් කර යුතුයි.

අපේ මුලික අරමුණ එලදායි පුරවැසියෙක්, සතුටින් ජිවත් වන පවුලක්, විනයගරුක රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ඇතිකරලීමයි. මේ රටේ ජිවත් වෙන වැඩකළ හැකි වයසේ සිටින සෑම නිරෝගී පුරවැසියෙකුම සමාජයට වැඩදායි එලදායි පුරවැසියෙක් කිරීමට රජය මුලිකත්වය ගත යුතුයි. අපට අවශ්‍ය ඔවුන් සියලු දෙනාගේම දායකත්වය මේ රටේ ආර්ථිකයට ලබා ගැනීමයි.

ජනතාවගේ ජිවන බර අඩු කිරීමට අප ගන්නා උත්සාහයට සියලු දෙනාගේ සහය අවශ්‍යයි. පසුගිය කාලයේදී ව්‍යාපාරික කේෂ්ත්‍රයට අප ලබාදුන් බදු සහන වලින් යම් ප්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලැබිය යුතුයි. ඒ භාණ්ඩ වල මිල ගණන් අඩුවිය යුතු බව රජයක් වශයෙන් අප බලාපොරොත්තු වෙනවා.

දුප්පත්කම තුරන් කිරීමේ අප රජයේ ප්‍රමුඛ වැඩපිළිවලක් වනවා. ඒ සඳහා අප දුප්පත්වීමට හේතු වටහා ගෙන ඊට විසදුම් ලබා දිය යුතුයි. නිසි අධ්‍යාපනයක් හා නිපුණත්වයක් නැති කම, වගා කිරීමට ඉඩමක් නැතිකම, ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැතිකම වැනි ගැටළු වලට විසදුම් ලබා දීමෙන් දුප්පත්කම තුරන් කිරීමට ප්‍රයෝගික ප්‍රවේශයක් ලබාගත හැකි. ඉරිදී මාසයක කාලය ඇතුලත අඩු ආදායම් ලබන පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවලක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයත් එක් කරගෙන රැකියා වියුක්තියට ප්‍රායෝගික වැඩපිළිවලක් දියත් කිරීමට මාගේ රජය සුදානම්.

අපේ සාරධර්මයන් සහ සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුයි. අපේ ඉලක්කය රට සංවර්ධනය රටක් කරවීමයි. සෞභාග්‍යයේ දැක්ම තුලින් අප බලාපොරොත්තු වන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක්. ‘

Related posts

අද සිට දින තුනක විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

කොවිඩ් මරණ 38ක්

Mohamed Dilsad

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment