ව්‍යාපාරික

මෙරට ඇඟලුම් කර්මාන්ත වර්ධනයට රෙදිපිළි උද්‍යානයක්

(UTV | කොළඹ) – මෙරට ඇඟලුම් කර්මාන්තය මේ වසරේ අපනයන 6 % ක වර්ධනයක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා ආයෝජන මණ්ඩලයේ සහයෝගයෙන් විදේශ ආයෝජන සමඟ එක්වී අක්කර 200ක රෙදිපිළි උද්‍යානයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ඒකාබද්ධ ඇඟලුම් සංගමයයේ සභාපති රෙහාන් ලඛානි පවසයි.

යෝජිත රෙදිපිළි උද්‍යානය පිහිටුවීම සඳහා එරාවූර් හි වෙන්කර ඇති අක්කර 200 ක ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මෙය නිම කිරීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 50-100 අතර විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් වේ.

මේ සඳහා ඉන්දියාව සහ චීනය පදනම් කරගත් ජාත්‍යන්තර රෙදි නිෂ්පාදකයන්ගෙන් විශාල උනන්දුවක් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කියා සිටියේය.

Related posts

රුපියල තවදුරටත් පහළට

Mohamed Dilsad

Singer Lifestyle Fiesta මෙවරත් කොළඹදී(වීඩියෝ)

Mohamed Dilsad

ආපදා තත්ත්වය හමුවේ ද ඇමරිකානු ඩොලරය තවදුරටත් පෙරමුණේ

Mohamed Dilsad

Leave a Comment