දේශීය

පාසල් 47ක පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

(UTV | කොළඹ) –  අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සඳහා යොදා ගැනුණු පාසල්වල පළමු පාසල් වාරය අද (06) ආරම්භ විය.

පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පසුගිය මස 26 වනදා ආරම්භ කර පෙරේදා දිනයෙන් අවසන් කෙරුණු අතර , ඒ සඳහා දිවයින පුරා පාසල් 84 ක් යොදා ගැනුණු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එම පාසල් අතරින් පාසල් 37 ක පළමු වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය 02 වනදා ආරම්භ කෙරුණි.

ඒ අනුව සෙසු පාසල් 47 පළමු වාරය සඳහා අද ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

කාන්තාවක්ව බිලි ගත් ශාන්තිකර්මය

Mohamed Dilsad

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment