දේශීය

උඩවලවේ දිවියෙකු ඝාතනය කළ සිව්දෙනා අත්අඩංගුවට

(UTV | කොළඹ) – උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයේ දිවියෙකු ඝාතනය කළ පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන්ව මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ වනජිවි නිලධාරින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා උඩවලව නෙලුම්වැව ප්‍රදේශයේ පදිංචි දඩයක්කරුවන් බව අනාවරණ විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

Mohamed Dilsad

රුපියල තවත් බලවත් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment