(UTV | කොළඹ) – ජාතික ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.
මෙම මෙහෙයුම් මැදිරිය වෙත පාතාල කල්ලි සාමාජිකයින්, අපරාධකරුවන්, කප්පම්කරුවන්, මත්ද්‍රව්‍යකරුවන්, ජාවාරම්කරුවන් සහ අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.
ඒ අනුව 011 2 580 518, 011 2 058 552 යන දුරකතන අංකවලට සහ 011 2 588 499 යන ෆැක්ස් අංකයට අදාල තොරතුරු ලබා දීමේ හැකියාව පවතින බව සඳහන්.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසුවේ තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙළි නොකරන අතර ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වන අයුරින් කටයුතු කරන බවයි.