දේශීය

රාජ්‍ය සේවක දීමනා අත්හිටුවයි

(UTV | කොළඹ) – 2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනට අනුව පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද , වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද සිදු වේ.

එහි දක්වා ඇති ආකාරයට වසර 6 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට සිදු වනුයේ රු. 12,000 ට වැඩි මුල්‍යමය පාඩුවකි.

විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මුල්‍යමය පාඩුවක් නැති අතර මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200 කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇති අතර අධ්‍යාපන පරිපාලන සේවයේ සියළුම නිලධාරීන්ට මෙම තත්වය බලපානු ලබයි.

ක්‍රම සම්පාදන සේවයේ 800 කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2697 කට ද,මෙම චක්‍රලේඛනය හේතුවෙන් මෙම ලැබීමට තිබූ මුදල අහිමි වේ.

අධ්‍යාපන පරිපාලන සේවයේ 238 දෙනෙකුට රු. 5000 බැගින් ද, 2449 දෙනෙකුට රු. 10,000 බැගින් ද වන මුදලක් අහිමි වේ.

රජයේ විදයම් පාලනය කිරීම සදහා නිලධාරීන්ගේ දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්ති සහගත නොවේ.

රාජ්‍ය නිලධාරීන් තනතුරු ලබා ගැනීම සඳහා මේ දිනවල දේශපාලනඥයින් පසුපස වැටී ඇති බැවින් මෙම දීමනා කප්පාදුවට එරෙහිව නිලධාරීන්ගේ වෘත්තීය සමිති මට්ටමින් විරෝධයක් මේ දක්වාම එල්ලවී නොමැත.

 

Related posts

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙකු ඝාතනය වෙයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කරමින් තවත් 33 ක් හෙට පිටත්ව යයි

Mohamed Dilsad

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment