දේශීය

පූජිත්ට සහ හේමසිරිට ඇප ඉල්ලීම් විමසීමට දින නියම වේ

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම් ලබන මස 10 වනදා විමසා බලන බව අද (09) දැනුම් දුන්නේය.

මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මෙය ප්‍රකාශයට පත් කළ අතර නීතිපතිවරයා විසින් මෙම ඇප අයදුම්පත් වෙනුවෙන් අද දිනයේදී මූලික විරෝධතා ගොණු කරනු ලැබුවේය.

තවද ප්‍රතිවිරෝධතා ඇත්නම් ලබන 10 වන දින ගොණු කරන ලෙසට හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නීතීඥයන්ට මහාධිකරණය දැනුම් දුන්නේය.

Related posts

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

Mohamed Dilsad

Leave a Comment