දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (10) රාත්‍රී 10.00 සිට හෙට (11) උදාසන 10.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ අනුව කොළඹ 13 , කොළඹ 14 සහ කොළඹ 15 ප්‍රදේශ වලට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

තවද එම කාලය තුල කොළඹ 01 සහ කොළඹ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව සඳහන්.

ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ මීට හේතුව ප්‍රධාන නල පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් බවයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

Mohamed Dilsad

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

Mohamed Dilsad

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

Editor O

Leave a Comment