දේශීයප්‍රමුඛ පුවත 1

රන්ජන්ගේ හඩපට විශ්ලේශණයට පොලිස් කණ්ඩායම් 10 ක්

(UTV| කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ නිවසින් හමූවූ දුරකථන සංවාද ඇතුලත් හඩපට විශ්ලේශණය කිරීමට සහකාර පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇත. 

මෙම පොලිස් කණ්ඩායම් පත්කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි.

ඒ අනුව , පොලිස් කණ්ඩායම් සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු , පොලිස් පරික්ෂකවරයෙකු හෝ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ඇතුලු හතරදෙනා බැගින් පත් කර ඇත.

රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බව කියන දුරකථන සංවාද ඇතුලත් හඩපට මේ වන විට රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර ඒවායේ පිටපත් පොලිස් මූලස්ථානය වෙත ලැබීමෙන් අනතුරුව පොලිස් කන්ඩායම් විසින් විශ්ලේශණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම් අදත්

Mohamed Dilsad

සරසවි උපාධිධාරින් 16,800 කට රජයේ පත්වීම්

Mohamed Dilsad

Leave a Comment