දේශීය

ඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

(UTV | කොළඹ) – ඉන්ධන මිළ සූත්‍රය මේ දක්වා ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් 10 ත් 15 ත් අතර මිළකින් ඉහල යන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ අදාල මිළ සූත්‍රය අහෝසි කර දැමූ නිසා එවන් තත්වයක් උද්ගත නොවූ බවයි.

ඔහු මෙම අදහස් පළ කලේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

ඉන්ධන ටොන් 35000 ක් සහිත නෞකාවක් මේ මාසය තුළ මෙරටට පැමිණෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් අමාත්‍යවරයා පැවසුවේ දින 20 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග මෙරට සතුව ඇති බවයි.

ඉන්ධන මත පණවා ඇති බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද අමත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

ඉවතලන මුහුණු ආවරණ පරිසර ප්‍රශ්නයක් වීමට ඉඩකඩ

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

Mohamed Dilsad

ඉදිරියේ දී හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබාදෙන බෙහෙත් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment