දේශීය

රාජිතට මාර්තු 5 අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි [UPDATE]

(UTV | කොළඹ) –  ලබන මාර්තු 5 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර ඇත.


(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇපදීමට එරෙහිව ගොණු කල ප්‍රතිශෝධන අයදුම්පතට අදාළව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ තීන්දුව අද (21) ප්‍රකාශයට පත් කෙරේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනුයි.

නීතිපතිවරයා විසින් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න ඇපදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව අවලංගු කරන ලෙසට කොළඹ මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන අයදුම්පත ගොනු කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එය අවසන් වරට කැඳවනු ලැබූ අවස්ථාවේදී සඳහන් කළේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

Related posts

පළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී 

Editor O

අදත් දුම්රිය ධාවනයට සීමා

Mohamed Dilsad

රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment