දේශීය

225න් චරිත සහතික ගන්න ඕනේ නෑ – මන්ත්‍රී රංජන් [VIDEO]

(UTV | කොළඹ) – රංජන් රාමනායක මන්ත්‍රීවරයා සභාගත කිරීම සඳහා කිසිදු හඬපටයක් ලබා දී නොමැති බව ඊයේ (21) පාර්ලිමේන්තුවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා, තමන් හඬපට සියල්ල සභාගත කරන සිය කතාවේදී ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙහි සිටින මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ හඬ පට තමන් සතුවන බවයි.

ඒ අතර අගමැති මහින්ද රාජපක්‍ෂගේ හඬ පයටක්ද වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන්ට සභාවේ සිටින කිසිවෙකුගෙන් චරිත සහතික ගැනීමට අවශ්‍යතාවක් නැති බවද රංජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

පිළිකාකාරක කාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 05 ක්[RELEASE]

Mohamed Dilsad

මුද්‍රණය ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment