දේශීය

වැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්

(UTV | කොළඹ) –  වැඩිහිටි දීමනාව ලබාගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ප්‍රතිපාදන නොමැති වීමෙන් ඔවුන්ට එම දීමනාව ගෙවීමට නොහැකි වී ඇති බව එම කාර්යාලය පෙන්වා දෙයි.

මේ වනවිට වැඩිහිටි දීමනාව ලබන සංඛ්‍යාව 416,667 කි.

දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර ඇති අතර , ඒ, සඳහා අවශ්‍ය යෝජනා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයට යොමුකර තිබෙන බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කළේය.

Related posts

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරට

Editor O

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment