ක්‍රීඩා

බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

(UTV | පාකිස්තාන්) -අද (25 ) ලාහෝරයේදී තරඟ 3 කින් සමන්විත පාකිස්ථාන – බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ.

ෂොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් මෙම තරඟයේදී පාකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

බංග්ලාදේශය , ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් අනතුරුව මෙම තරඟාවලිය සඳහා එකඟත්වය පළ කර තිබුණි.

ඔවුන් පාකිස්ථානයට එරෙහිව මෙම තරඟාවලියට මුහුණදෙන්නේ නව පන්දු යැවීමේ පුහුණුකරු වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඔටිස් ගිබ්සන් යටතේයි.

Related posts

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

නවසීලන්තය ට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම්කෙරේ

Mohamed Dilsad

ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී

Mohamed Dilsad

Leave a Comment