දේශීයප්‍රමුඛ පුවත 1

චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ කොරෝනා වෛරස ගැටළුවට මැදි වී සිටින මෙරට ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) රාත්‍රීයේ සහ අද (31) අලුයම ගුවන් යානා වලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඊයේ රාත්‍රී 9.00 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් 33 දෙනෙක් දිවයිනට පැමිණියේය.

තවද අද අලුයම 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් වූ ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් 06 දෙනෙකුද , ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 09 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පසුව මොවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව , ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කෙරු බව සඳහන්.

Related posts

ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් රුපියල් මිලියන 100ක් වන්දි ඉල්ලයි : නොදුන්නොත් නඩු දානවා – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

Editor O

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

කොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment