ව්‍යාපාරික

නිදහස් වෙළද හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවේ

(UTV | කොළඹ) –  නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද මෙරට ඇගළුම් කර්මාන්තය නංවාලීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව සදහන් වෙයි.

ඒ අනුව නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

වත්මන් රජය එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දෙන අතර පරිසර ඇගයිම් වාර්තා ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර , මේ සදහා ඉඩම් අක්කර 200 ක් දැනටමත් හදුනාගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

එමෙන්ම නිදහස් වෙළද කලාප ආශ්‍රිතව පානීය ජලය ඇතුළු වෙනත් පහසුකම් වැඩි දියුණු කිරිම සදහා රජයේ අවධානය යොමුව ඇත. දැනටමත් එම අවශ්‍යතා හදුනාගෙන අමාත්‍යංශයට ඒ පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි.

දැනටමත් සීතාවකපුර නිදහස් වෙළද කලාපයේ පානීය ජල පහසුකම් සංවර්ධනය සදහා රුපියල් මිලියන 540 ක් වෙන් කර තිබේ.

සීතාවකපුර කර්මාන්තපුර කර්මාන්තශාලා 24 පවත්වාගෙන යන අතර සේවක සේවිකාවන් 22,534 දෙනෙක් එහි සේවය කරති. මීට අමතරව බිංගිරිය හා වගවත්ත කර්මාන්තපුරවල පැවති ගැටළු නිරාකරණය සඳහාද විශේෂ අවධානයක් යොමුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

මෙරට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර වෙළදපළ ජය ගැනීමට සැලසුම්

Mohamed Dilsad

නොරෝච්චෝලෙන් යලි විදුලිය

Mohamed Dilsad

මැණික් කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

Mohamed Dilsad

Leave a Comment