දේශීය

රියදුරු පුහුණුව අතර තුර දී තරුණියක් මරුට

(UTV | බදුල්ල) – රියදුරු පුහුණුව සඳහා භාවිතා කරමින් තිබූ ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ හෑපොල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (04) පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.

අදාළ අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව අතර ත්‍රීරෝද රථයේ පුහුණුකරු බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මහියංගන , රීදිමාලියද්ද ප්‍රදේශයේ පදිංචි උමේෂි සචින්තනා නැමති 26 හැවිරිදි තරණියෙක් මෙලෙස මිය ගොස් ඇත.

මෙම තරුණියගේ විවහා ගිවිසමේ ගැනීමේ උත්සවට අනතුර සිදුවන්නට දින 04 කට පෙර සිදුව ඇති බව වාර්තා වන අතර බිබිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශව සිදු කරයි.

Related posts

අගෝස්තු – සැප්තැම්බර් මාස 02ට පරිගණක අපරාධ පැමිණිලි 9,000ක්

Editor O

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

Mohamed Dilsad

මෙරට පුද්ගලික ණයහිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment