දේශීය

රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක නාවික හමුදාධිපතිවරයා හමුවෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් අද (05)  නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

ඒ නාවික හමුදා මූලස්ථානයේදීය.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් නාවික හමුදා මූලස්ථානයේදී ජෙනරාල්වරයා පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමා විසින් ඔහු සමග සුහද පිළිසඳරක නිරත විය.

ඔවුන් දෙදෙනා අතර, ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුණි.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුන්දරම ක්‍රිකට් ක්‍රීඩාංගණයට

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

Mohamed Dilsad

Leave a Comment