දේශීය

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට

(UTV | කොළඹ) – ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද(14) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ.

මෙම පිරිස අද දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.

Related posts

මින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්

Editor O

වී ගබඩා පිරිසිදු කර අලුත්වැඩියා කිරීමට හමුදාව යොදවයි.

Editor O

කොරෝනා මදුරුවන්ගෙන් බෝ වන බවට අසත්‍ය ප්‍රචාරයක්

Mohamed Dilsad

Leave a Comment