දේශීය

ඇමති දිනේෂ් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සහ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ(17) විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබූණි.

මෙහිදී  විදේශ සබඳතා අමාත්‍යවරයා ඊට රජයේ දැඩි විරෝධය පළ කර තිබේ.

එමෙන්ම මෙම තීරණය නැවත සමාලෝචනය කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තානාපතිවරියගෙන් ඉල්ලීමක් කල අතර
ශ්‍රී ලංකා රජය දැක්වූ කරුණු සිය රජය වෙත දැනුම්දීමට පියවර ගන්නා බව ඇය මෙහිදී සඳහන් කළාය.

Related posts

අදත් මෙරටින් ආසාදිතයන් 501 දෙනෙක්

Mohamed Dilsad

සියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයි

Mohamed Dilsad

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..

Mohamed Dilsad

Leave a Comment