දේශීය

දෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළට – ජල විදුලි නිෂ්පාදනය 15% ට බසී

(UTV | කොළඹ) –  පසුගිය දිනක නොදන්වා පැය 02 ක විදුලි කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ වාර්තාව හෙට (18) හෝ අනිද්දා (19) විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

දිවයිනට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වය හමුවේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබේ.

එබැවින් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් තාප විදුලි බලාගාරවලින් සිදු කෙරෙන නිෂ්පාදනය 83 % ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජල විදුලි නිෂ්පාදනය 15% ක් දක්වා පහළ ගොස් ඇති බව එම අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

Related posts

අද සිට විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත

Mohamed Dilsad

බස් රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණයි

Mohamed Dilsad

Leave a Comment