දේශීය

මෙරට පළමු කොරෝනා ආසාධිත කත IDH රෝහලෙන් පිටව යයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් අද(19) පෙරවරුවේ රෝහලෙන් නික්ම යාමට සුදානම් බව වාර්තාවේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අද පෙරවරුවේ රෝහලෙන් පිටව ඇය කටුනායක ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව යන බවයි.

මේ අතර ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2008ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම රෝගයට ගොදුරුවූ සංඛ්‍යාව 75,176ක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය සේවක අතීකාල දීමනා ගැටළුව නොවිසඳන්නේනම් වැඩ වර්ජනයක් කරනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්

Editor O

දින 64ක් තුළ වෙඩි තැබීම් 19ක්

Editor O

ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment