දේශීය

කොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටි

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පමණක් හෙරොයින්, ගංජා, මත්පෙති, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුළු සිසුන් සංඛ්‍යාව 2,30,982ක් බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිතව සිදුවන වැරැදි පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුවය.

මේ අනුව පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමටත් ඒ සඳහා සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියකු යෙදවීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම්දීමට 0777128128  යන ක්ෂණික දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇත.

Related posts

තවත් කොරෝනා අසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු ජිවිතක්ෂයට

Mohamed Dilsad

සිබිල් වෙත්තසිංහ මහත්මිය අද දැයෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment