ව්‍යාපාරික

දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට Online ක්‍රමයට

(UTV | කොළඹ) –  දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් Online ක්‍රමයට සිදු කර ගැනීමේ පහසුකම් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (19) ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය මත හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී එම සේවාව අද ආරම්භ කරන ලද්දේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

Related posts

ලබන 13 වනදා මීළඟ බැඳුම්කර නිකුතුව නිකුත් වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යාපාරික අවස්ථා ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

සියළු වාණිජ බැංකු ලබන 11 – 12 විවෘතයි

Mohamed Dilsad

Leave a Comment