ව්‍යාපාරික

සංචාරක ව්‍යාපාරය සංවර්ධනයට නව ආයතනයක්

(UTV | කොළඹ) –  දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක ක්ෂේත්‍රයේ සේවාලාභින් සදහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමත් සම්පත් අතිරික්තය අවම කිරීමත් මෙහි අරමුණයි.

2005 අංක 38 සංචාරක කටයුතු පණත මගින් සමස්ථ සංචාරක අංශය ප්‍රධාන ආයතන හතරකට බෙදා වෙන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ යන ආයතන ස්ථාපිත කර තිබේ.

නව සංශෝධනය අනුව ස්ථාපනය කෙරෙන ආයතනය ‘ශ්‍රී ලංකා සංචරණ’ලෙස නම් කිරීමට නියමිත ය.

මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමණාකරණ ආයතනය උපාධි පිරිනමන විශ්ව විද්‍යාල ආයතනයක් බවට පත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම එහි අරමුණයි.

Related posts

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙයි.

Editor O

වැට් අඩු කිරීම භාණ්ඩ රැසකට බලපාන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment