දේශීය

නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක්

(UTV |ඉන්දියාව) – කෝවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක් සොයාගැනීමට සමත්ව තිබේ.

ඒ ඉන්දීය සහ ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක් විසිනි.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත, තවත් මාස හයකට පසු මනුෂ්‍යයන් යොදා පරීක්ෂාවට භාජනය කළ හැකි බව එම එම පර්යේෂකයින් සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වෛරසය සුවකළ හැකි එනනතක් සොයා ලොව පුරා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම එන්නත SII – කෝඩැජෙනික්ස් යනුවෙන් හැඳින්වෙන මෙම එන්නතෙහි විශේෂත්වය වන්නේ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය සිරුර තුළ ගොඩනැගීමට ඊට වැයවන කාලය සෙසු ප්‍රතිකාර ක්‍රමවලට සාපේක්ෂව අවම වීමය.

මෙවැනි වෛරස වෙනුවෙන් එන්නත් සොයා ගැනීමට සාමාන්‍යයෙන් වසර හත අටක කාලයක් ගතවේ.

නමුත් විද්‍යාගාරය තුළ දැනටමත් වෙමැනි එන්නතක් නිර්මාණය කිරීමට හැකිවීම ජයග්‍රහණයක් බව එය සොයාගත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් චීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොරෝනා වෛරසය වළක්වාගත හැකි මෙන්ම ප්‍රතිකාර කළ හැකි වෛරසයක් බවයි.

වෛරසය පැතිරයාම ආරම්භයේ එය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගීන් ප්‍රතිශතය 38% සිට 18% ක් දක්වා මේ වනවිට පහතවැටී ඇති බව ද වාර්තාවේ.

 

Related posts

කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment