ගොසිප්

නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළඹෙන මැතිවරණයේ දී තරග බිමට

(UTV | කොළඹ) – 2006 වසරේ දී ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානම් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසයි.

යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් සෂිකලා මහත්මිය මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

නඩරාජා රවිරාජ් 2006 නොවැම්බර් 10 වැනිදා කොළඹ ප්‍රදේශයක දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

ඔහු නීතිවේදීයෙකු හා ව්‍යාපාරියෙකු ලෙස කටයුතු කළ අතර , හෙතෙම ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ජ්‍යේෂ්ඨතමයෙකු ද විය.

රවිරාජ් මහතාගේ ජන්ද පදනම හරහා සෂිකලා රවිරාජ් මහත්මිය දේශපාලනය වෙත පිවිසීමට නියමිතය.

Related posts

මෛත‍්‍රී රකින්න හදිසි රැස්වීමක්

Mohamed Dilsad

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වන නව අත්හදාබැලීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20 – විස්ස නායකත්වයෙන් ලසිත් ඉවතට

Mohamed Dilsad

Leave a Comment